Friday, March 29, 2024

General line - 0115112241

මැතිව්ස් – දිනේෂ් පසු බසිද්දී තවත් දෙන්නෙක් ඉදිරියට එයි




ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලදී පිතිකරු අංශයෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් පසුබෑමකට ලක්ව සිටිනවා.

ඇන්ජලෝ මැතිව්ස් මීට පෙර 14 වන ස්ථානයේ පසුවූ අතර දැන් ඔහුට හිමිව ඇත්තේ 17 වන ස්ථානයයි.

මීට පෙර 26 වන ස්ථානයේ පසුවූ දිනේෂ් චන්දිමාල් 32 වන ස්ථානය දක්වා පසුබැස සිටිනවා.

කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්. මීට පෙර 39 වන ස්ථානයේ පසුවූ ඔහු දැන් පසුවන්නේ 36 වන ස්ථානයේයි.

මේ අතර පන්දු යැවීමේ අංශයෙන් ස්ථාන 6 ක් ඉදිරියට පැමිණීමට නුවන් ප‍්‍රදීප් සමත්ව සිටිනවා. මීට පෙර 39 වන ස්ථානයේ පසුවූ ඔහු දැන් පසුවන්නේ 33 වන ස්ථානයේයි.

ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ඉකුත් දා අවසන් වූ ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රතිඵල ද සැලකිල්ලට ගෙන අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් මෙම ශ්‍රේණිගත කිරීම් එළිදක්වා තිබෙනවා.