Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට සහය දෙන බව ස්විට්සර්ලන්ත ජනපතිනිය කියයි




සාමය හා සෞභාග්‍ය සපිරි සමෘද්ධිමත් ශ‍්‍රී ලංකාවක් බිහි කරලීම උදෙසා වත්මන් රජය ගෙනයනු ලබන ජාතික ආර්ථික වැඩ සැලසුම ඉතා විශිෂ්ට බව ස්විට්සර්ලන්ත ජනාධිපතිනි ඩොරිස් ලෙතාඩ් පවසනවා.

ඒ සඳහා ස්විට්සර්ලන්තයේ උපරිම සහාය ලබාදෙන බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ දූත පිරිසක් අද පෙරවරුවේ හමුවීමෙන් අනතුරුව ඇය මේ බව ප‍්‍රකාශ කර ඇති බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.

මේ අතර ඉදිරියේදී ශ‍්‍රී ලංකා ආයෝජන සමුළුවක් ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට කටයුතු කරන බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්ත ජනාධිපතිනිය හමුවේ ප‍්‍රකාශ කර තිබෙනවා.

මෙම හමුවට මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටි බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

PKP_9174 PKP_9175 PKP_9186 PKP_9188 PKP_9190 PKP_9194 PKP_9197