Friday, March 29, 2024

General line - 0115112241

රතන හිමිගේ ස්ථාවරය ගැන යළි පහදයි – මාධ්‍ය වාර්තා කළේ කොටසක් පමණයි ලු




ස්වාධීන අදහසක් ඉදිරිපත් කළද තමන් ආණ්ඩුවෙන් ඉවත් නොවූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඉකුත් දා පැවති මාධ්‍ය හමුවේදී තමන් වහන්සේ කළ ප‍්‍රකාශයේ කොටසක් පමණක් ඉස්මතු කරමින් මාධ්‍ය වාර්තා කර තිබූ බවයි.

නෙත් එෆ්.එම්. රේඩියෝවේ ඊයේ (18) රාත‍්‍රියේ ප‍්‍රචාරය වු නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

(එම හඬපටය පහතින් දැක්වෙයි)

තමන් ආණ්ඩුවෙන් ඉවත් වීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බවද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිදී අවධාරණය කළා.

(තවත් කරුණු රැසක් අනාවරණය කළ නෙත් එෆ්.එම් අන්ලිමිටඩ් සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි.)