Wednesday, April 24, 2024

General line - 0115112241

පටන් ගන්න කලින් සාකච්ඡා කරා නම් මෙහෙම වෙන්නෙ නැහැලු




නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ රෝගී සත්කාරක සේවා සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීම ආණ්ඩුවේ වගකීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පෙන්වා දෙන්නේ ඇසේ සුද ඉවත් කිරීම සහ අක්ෂි කාච බද්ධ කිරීමේ සැත්කම් සඳහා අවශ්‍ය උපකරණ සියල්ල ද රෝහල් වෙත ලබාදීමට රජය කටයුතු කළ යුතු බවයි.

අක්ෂි කාච හිඟයක් හේතුවෙන් මේ වන විට කොළඹ අක්ෂි රෝහල ඇතුළු දිවයිනේ ප‍්‍රධාන රෝහල් රැසක අක්ෂි සැත්කම් සිදුකිරීම ඇණහිට තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ සැත්කම් සඳහා අවශ්‍ය උපකරණ ද රෝහල් සතුව නොමැති බවයි.

සැත්කම් සඳහා අවශ්‍ය අක්ෂි කාච රජය මගින් නොමිලේ ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඉකුත් දා ප‍්‍රකාශ කළා.

කෙසේ වෙතත් එවැනි තීරණයක් ගැනීමට පෙර අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර ක‍්‍රමවේදයක් සකස් කළ යුතු බවයි වෛද්‍ය සමන්ත ආනන්ද වැඩිදුරටත් කියා සිටියේ.