Thursday, April 25, 2024

General line - 0115112241

මුහුදුබඩ දුම්රිය ධාවනය යථාතත්ත්වයට (UPDATE)




ගාල්ල දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක් වූ ඉන්ධන ප්‍රවාහන දුම්රිය මේ වන විට පීළි ගත කර ඇති බව දුම්රිය පාලක මැිරිය සඳහන් කළා.

ඒ අනුව එම මාර්ගයේ දුම්රිය ධාවනය කඩිනමින් යථාතත්ත්වයට පත්වෙනු ඇති.


මුහුදුබඩ දුම්රිය ප්‍රමාද වෙයි

(Jan 19, 2017 @ 06:52)

ගාල්ල දුම්රිය ස්ථානයේදී ඉන්ධන ප්‍රවාහන දුම්රියක් අද (19) අලුයම පීළි පැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන සියලු දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

අද උදෑසන 3.40 ට ගාල්ලේ සිටි කොළඹ කොටුව දක්වා ධාවන වීමට නියමිතව තිබූ අංක 311 දරණ දුම්රිය සහ අලුයම 5.00 ට ගාල්ලේ සිට මරදාන දක්වා ගමන් ආරම්භ කිරීමට තිබු සමුද්‍රදේවී දුම්රියද මේ හේතුවෙන් ප්‍රමාද වී තිබෙනවා.

ගාල්ල දුම්රිය ස්ථානය දුම්රිය මාර්ගයට හානි පීලි පැන්න තෙල් දුම්රිය පීලිගත කරමින් පීලි පැන්න තෙල් දුම්රිය