Friday, April 26, 2024

General line - 0115112241

තියුණු තරග දෙකක් අද




අන්තර්ජාතික එක්දින කි‍්‍රකට් පිටියේ තියුණු තරග දෙකක් අද (19) පැවැත්වෙනවා.

එක් තරගයක් පැවැත්වෙන්නේ ඉන්දීය කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර කටක් හීදියි. 2014 වසරෙන් පසු අන්තර්ජාතික එක්දින ක‍්‍රිකට් තරගයක් එම කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු අවස්ථාවද මෙය වනවා.

එම කි‍්‍රඩාංගණයේ අවසන්වරට පැවැති එක්දින තරගයේදි ඉන්දිය කණ්ඩායම ශී‍්‍ර ලංකාවට එරෙහිව ලකුණු 363 ක් රැස්කරමින් ලකුණු 169 ක ජයක් වාර්තා කළා.

එංගලන්ත – ඉන්දියා, තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ මේ වන විට එකට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.

මේ අතර තවත් එක්දින තරගයක් සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර පර්ත් හිදි අද පැවැත්වීමට නියමිතයි.

තරග 3කින් සමන්විත මෙම එක්දින කි‍්‍රකට් තරගාවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්වයේ පසුවනවා.