Thursday, April 25, 2024

General line - 0115112241

බලගතු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ජනතාව දැනුවත් කෙරෙයි




“තිරසර සංවර්ධන ඉලක්ක එක්ව ජය ගනිමු – 2017 දිළිදුකමින් රට නිදහස් කර ගනිමු” බලගතු ශ්‍රී ලංකාවක් උදෙසා රජයේ ආර්ථීක සැළැස්ම පිළිබඳ දැනුවත් කිරීම හා නියං තත්ත්වය හමුවේ මතුවන අභියෝග ජය ගැනීම සදහා කෘෂි ක්ෂේත්‍රය සූදානම් කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු විශේෂ වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ දී පැවැත්වුණා.

2016 මහ කන්නයේදී ස්වභාවික විපත්වලින් වී අස්වැන්නට සිදුවූ හානි සඳහා කිසිඳු රක්ෂණ ආවරණයක් ලබානොගත් ගොවි මහතුන් සදහා ද කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් පිරිනැමුණු වන්දි මුදල් ප්‍රදානය සංකේතවත් කිරීම ද මෙහිදී ජනාධිපති අතින් සිදු කෙරුණා.

ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිළධාරින්ට පරිගණක ප්‍රදානය කිරීමක් ද සිදු කෙරුණා.

අමාත්‍ය දුමින්ද දිසානායක, රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල ද පළාත් කෘෂිකර්ම අමාත්‍යවරු ඇතුලු පිරිසක් සහ කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලුම ආයතනවල නිලධාරින් මෙම වැඩසටහන් එක්ව සිටියා.

01 02 03 04 05 06 07 08 09 10 11