Friday, April 26, 2024

General line - 0115112241

වන අපරාධ නීතිය ක්‍රියාත්මක කරන්න බැරිව නිලධාරීන් අසරණ වෙලා




විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අනවසර ඉදිකිරීම් පිළිබඳව ඉකුත් ආණ්ඩුව සේම වත්මන් රජය ද මුණිවත රකිමින් සිටින බව පරිසර සංවිධාන චෝදනා කරනවා.

වනජීවී සංරක්ෂණ සංසඳයේ ලේකම් නයනක රංවැල්ල පැවසුවේ විල්පත්තු වනෝද්‍යානයේ පදිංචි කිරීම් සිදුවන්නේ පරිසර සහ පුරාවිද්‍යා අණ පනත් ද උල්ලංඝනය කරමින් බවයි.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට වර්තමානයේ අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර ද අදහස් පළ කළා. එහිදී ඔහු සඳහන් කළේ මෙය අලුතින් වනාන්තර ඉඩම් අත්පත් කර ගැනීමක් ලෙස හැඳින්විය හැකි බවයි. මේ වන විට වනඅපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නොහැකිව නවසංරක්ෂණ දෙපාර්තමේන්තුව අසරණ වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් විල්පත්තු වනෝද්‍යානයේ ඉදිකිරීම් නතර කර ඇති බව පැවසුවත් මේ වන විටත් ගස් කැපීම් සහ අනවසර ඉදිකිරීම් එහි සිදුවන බවයි නයනක රංවැල්ල ද පැවසුවේ.