Saturday, April 20, 2024

General line - 0115112241

මහඇමතිවරු සමග මහින්ද විශේෂ සාකච්ඡාවකට සූදානම්




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය ඇති පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරු සියල්ලන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන ඉරිදා පෙරවරුවේ 8.00 ට පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

පළාත් ප්‍රධාන අමාත්‍යවරු විසින් කරුනු ලැබූ ඉල්ලීමක් පරිදි මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි සඳහන් කළේ.

වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් වන තීරණාත්මක කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡාවට ගනු ලබනු ඇති බවයි මේ සම්බන්ධයෙන් nethnews.lk කළ විමසීමකදී බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය වැඩි දුරටත් සඳහන් කළේ.