Thursday, April 25, 2024

General line - 0115112241

මෝටර් රථවලට අදාළ නීතියක් දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කරයි




මෝටර් රථවල දෙපස වීදුරු සම්බන්ධයෙන් වන නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව  මෝටර් රථවල රියදුරු අසුනේ දෙපස තිරරෙදි මගින් ආවරණය කර ධාවනය කිරීම හේතුවෙන් අනතුරු ඉහළ ගොස් ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

ඒ අනුව තිර රෙදි ආවරණ හා දෙපස අඳුරු වීදුරු භාවිතා කරන රථ වාහනවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලීසිය පෙන්වා දෙන්නේ.

අද (19) සිට 31 වැනිදා දක්වා පොලිස් ස්ථාන මට්ටමින් රථ වාහන මෙහෙයුමක් දියත් කර අඳුරු වීදුරු සහ තිර රෙදි සහිතව ධාවනය කරන වාහන සඳහා රථ වාහන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස හා ඒවා ගලවා ඉවත් නොකරන වාහන සඳහා අධිකරණයේ නඩු පැවරීමට ක්‍රියා කරන ලෙස රථ වාහන කොට්ටාශය බාර නියෝජ්‍ය පොලිස්පති කේ. පාලිත ප්‍රනාන්දු විසින් උපදෙස් ලබාදී තිබෙනවා.