Saturday, April 20, 2024

General line - 0115112241

පාකිස්ථානය සමග ඉන්දියාව ‘ශ්‍රී ලංකා තණතීරුවේ’ සටන් වදින්න සුදානම්




ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එහි සභාපති තිලංග සුමතිපාල අද පැවති මාධ්‍ය හමුවකදී ඒ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර ඇතිවූ එකඟතාවයකට අනුව මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත වනවා.

ශ්‍රී ලංකාව,ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගාවලිය පැවැත්වීමට සැළසුම් කර ඇතත් තරග කාලසටහනක් මෙතෙක් සකසා නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල කියා සිටියා.