Tuesday, April 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු විස්සයි 20 තරඟය අද – කණ්ඩායම් දෙකේම වෙනස්කම් රැසක්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පලමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය සෙන්චූරියන් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සමගින් දකුණ අප්‍රිකාවේදී පන්දුවාර විස්ස තරගයකට එක් වන පළමු අවස්ථාවද මෙයයි.

රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30ට ආරම්භ වීමට නියමිතව තිඛෙනවා.

අද තරගය්දී යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක තික්ෂිල ද සිල්වාට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමිවනු ඇති බවටයි වාර්තා වන්නේ.

ආරම්භක පිතිකරුවා ලෙස ධනුෂ්ක ගුණතිලක සමගින් කුසල් මෙන්ඩිස් හෝ ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ඉනිම අරඹනු ඇති.

දකුණු අප්‍රිකාවද සිය ප්‍රබල ක්‍රීඩකයින් වන නිත්‍ය නායක ඒ බී ඩිවිලියර්ස්, ඩේල් ස්ටෙයින්, ෙජ් පී ඩුමිනි සහ ක්වින්ටන් ඩි කොක් මෙම තරගාවලිය සදහා විවේක ගන්වා තිඛෙනවා.

ඒ අනුව අද තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ෆර්හාන් ඛෙහාර්ඩීන්.

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර මේ දක්වා පන්දුවාර විස්ස කි්‍රකට් තරග 6ක් පවත්වා තිඛෙනවා.

ඉන් තරග 4ක් දකුණු අප්‍රිකාව ජය ගත් අතර ශ්‍රී ලංකාව තරග දෙකක් ජය ගත්තා.

දකුණු අප්‍රිකාවේදී පන්දුවාර විස්ස තරග 5කට සහභාගි වි ඇති ශ්‍රී ලංකාව ඉන් තරග 3ක් ජය ගැනීමට සමත්ව සිටිනවා.

අන්තර් ජාතික පන්දුවාර විස්ස ශ්‍රේණිගත කිරීම් සටහනේ ශ්‍රී ලංකාව මේ වන විට පසුවන්නේ 8 වැනි ස්ථානයේයි.

දකුණු අප්‍රිකාව එම සටහනේ 3 වන ස්ථානයේ පසුවනවා.