Friday, April 26, 2024

General line - 0115112241

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ලංකාවේ උද්ඝෝෂණයක් – හේතුව සමලිංගිකයන‍්ට මුස්ලිම් ජනතාවට විරුද්ධ වීමලු




අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමට එරෙහිව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වෙනවා.

එය සංවිධාන කරන්නේ එක්සත් සමාජවාදී පක්ෂය විසින්.

එහි මාධ්‍ය ප්‍රකාශක ශ්‍රීනාත් පෙරේරා පැවසුවේ ට්‍රම්ප් දිවුරුම් දෙන අද දිනයේ ඔහුට විරුද්ධව රටවල් ගණනාවක් විරෝධතා පැවැත්වෙන බවයි.

මෙවැනි විරෝධතාවක් පැවැත්වීමට බලපෑ හේතු සඳහන් කරමින් ඔහු පැවසුවේ ට්‍රමප් ජනාධිපතිවරයාගේ සංක්‍රමණිකයන්,සමලිංගිකයන‍්,මුස්ලිම් ජනතාව, පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් දරණ ප්‍රතිපත්ති ලෝක ප්‍රජාවට ඉතා අහිතකර එකක් බවයි.