Thursday, April 25, 2024

General line - 0115112241

ඇන්ජලෝ මැතිව්ස් පරාජයට හේතු කියයි




දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ පැවති පන්දුවාර විස්සයි විස්සේ තරගයේදී සිදුවූ අඩුපාඩු නිවැරදි කරගනිමින් දෙවන තරගයට මුහුණ දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

ඊයේ පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ආරම්භක පිතිකරුවන් ශක්තිමත් පදනමක් යෙදුවද මැදපෙළ පිතිකරුවන් අපේක්ෂිත දක්ෂතා නොදැක්වීම පරාජයට ප්‍රධාන හේතුවක් වූ බවයි ඇන්ජලෝ මැතිව්ස් එහිදී වැඩිදුරටත් පැවසුවේ.

දෙරට අතර මීළඟ පන්දුවාර විස්සයි විස්සේ තරගය හෙට පැවැත්වීමට නියමිතයි.