Thursday, April 25, 2024

General line - 0115112241

පාප්වහන්සේගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ඉල්ලීමක්




සෑම විටම සදාචාරාත්මක වටිනාකම්වලට ගරු කරමින් කටයුතු කරන්නැයි ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ අමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කරනවා.

දුප්පතුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ද පාප්වහන්සේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර අමෙරිකානු නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමෙන් පසු ඔහුට විරෝධය පළ කරමින් බ්‍රිතාන්‍යයේ ද ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ සිදුව තිඛෙනවා.

සී.එන්.එන්. රූපවාහිනිය පවසන්නේ අමෙරිකාවේ සිදුකෙරුණු උද්ඝෝෂණවලදී පොලිසිය සහ උද්ඝෝෂකයින් අතර ගැටුම් ද ඇති වූ බවයි. කළහකාරීව හැසිරුණු උද්ඝෝෂකයින් 217 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

වොෂින්ටන් නුවර කෙරුණු උද්ඝෝෂණයක් අතරවාරයේ වෙඩි තැබීමක් ද සිදුව ඇති බවයි නිව්යෝර්ක් ඩේලි නිවුස් වෙබ් අඩවිය පැවසුවේ. එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිඛෙනවා.