Saturday, April 20, 2024

General line - 0115112241

කිම් කාර්ඩේෂියන්ගේ නිවස බින්ද සොරුන් හසුවෙයි




ලොවප‍්‍රකට නිරූපිකාවක වන කිම් කාර්ඩේෂියන්ගේ ප‍්‍රංශයේ පැරිස් නුවර පිහිටි නිවස බිඳ රන් ආභරණ ඇතුළු දේපළ සොරාගත් සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් වයස අවුරුදු 23ත්, 72ත් අතර පසුවන්නන් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

විමර්ශන අවසන් වන තෙක් ඔවුන් පිළිබඳ වෙනත් තොරතුරු අනාවරණ කළ නොහැකි බව ප‍්‍රංශ පොලිසිය ප‍්‍රකාශ කර තිබෙනවා.

අදාළ සොරකම සිදුවුණේ ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස 3 වෙනිදායි. සොරකමට ලක්වූ දේපළවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 11ක් පමණ වනවා.