Thursday, April 25, 2024

General line - 0115112241

ජනපති, තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (21) තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

ඒ, එම ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස ද ඉතිහාසයට එක්වෙමින්.

තලවකැලේ තේ පර්යේෂණ ආයතනයට වසර 92 ක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සවයකට ද ජනාධිපතිවරයා එහිදී එක් වුණා.

තේ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් විසින් වසර 25 ක් තිස්සේ සිදු කරන ලද පරීක්ෂණවලින් පසුව හඳුන්වා දුන් තේ පැළ විශේෂයක පළමු පැළය රෝපණය කිරීම ද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු කෙරුණා.

‘‘ටී.ආර්.අයි. පන්දහ’’ ලෙස නම් කර ඇති මෙම තේ පැළ විශේෂය දේශගුණික විපර්යාසවලට හා වියලි කාලගුණයට ඔරොත්තු දෙමින් වැඩි ඵලදායිතාවක් ලබාගත හැකි ලෙස වැඩි දියුණු කර තිබෙනවා.he www.nethnews.lk001 he www.nethnews.lk003 he www.nethnews.lk004 he www.nethnews.lk005 he www.nethnews.lk006 he www.nethnews.lk011 he www.nethnews.lk014

he www.nethnews.lk010 he www.nethnews.lk011