Saturday, April 20, 2024

General line - 0115112241

යොවුන් ක්‍රිකට් පිළත් පරාජය වැළඳගනී




දකුණු අප‍්‍රිකාවේ පැවැත්වෙන තුන්කොන් යොවුන් ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිල සත්කාරක දකුණු අප‍්‍රිකාව හමුවේ ඊයේ (21) පැවති තරගයකදී පරාජයට පත්වුණා.

දකුණු අප‍්‍රිකානු යොවුන් ක‍්‍රිකට් පිල මෙම තරගය ජය ගත්තේ ලකුණු 39 කින්. පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 260 ක් රැස් කළා.

මුහම්මද් මේට් ලකුණු 102 යි. පන්දු යැවීමේ දී නිපුන් රන්සික ලකුණු 31 කට කඩුලු 03ක් දවා ගත්තා.

ලකුණු 261 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 41 යි පන්දු 05ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 221 ක් පමණයි.

නායක අවිශ්ක ප‍්‍රනාන්දු වේගවත් ඉණිමක් ක‍්‍රීඩා කරමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යාමට උත්සහ කළද එයද සාර්ථක වූයේ නැහැ.

ඔහු පන්දු 62ක දී ලකුණු 96 ක් රැස් කළා. අවිශ්ක ප‍්‍රනාන්දුගේ ඉණිමට 4 පහර 14 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත් වුණා.

මේ අතර සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකාව අතර පන්දුවාර විස්ස දෙවන ක‍්‍රිකට් තරගය ජොහැන්නස්බර්ග්හි දී අද (22) පැවැත්වීමට නියමිතයි.