Thursday, March 28, 2024

General line - 0115112241

හිටපු ජනපති පලා යයි




අසල්වාසී රාජ්‍යයන්ගෙන් එල්ලවූ තර්ජන සමග පසුගිය ජනාධිපතිවරයෙන් පරාජයට පත් ගැම්බියා ජනපති යහ්යා ජම්මෙහ් නව නායකයාට අවස්ථාව ලබාදෙමින් රට හැර ගොස් තිබෙනවා.

වසර 22 ක කාලයක් අඛණ්ඩව බලයේ සිටි ජම්මෙහ් ගිනියාව වෙත ගුවන්ගත වූ බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් ජම්මෙහ් අඩමා බැරොව් ඉදිරියේ පරාජයට පත්වුවත් මැතිවරණ ප්‍රතිඵලයට අභියෝග කරමින් බලය අත්හැරීම ඔහු ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත් අවසානයේදී බැරොව් සෙනගාලය වෙත පැමිණ එරට පිහිටි ගැම්බියා තානාපති කාර්යාලයේදී ගැම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස ඔහු දිවුරුම්  දෙනු ලැබුවා.

එහිදී යහ්යා ජම්මෙහ් බලය අත්නොහැර සිටි පසුබිමක අප්‍රිකානු කලාපයේ නායකයන් රැසක් එරටට පැමිණ ඔහුට බලය අත්හරින ලෙස ඉල්ලීම් කළත් ඔහු ජනාධිපති බලතල ප්‍රයෝජනයට ගෙන එරට පාර්ලිමේන්තුවටද අභියෝග කර තිබුණා.

මේ තත්ත්වය තුළ සෙනගාලයල නයිජීරියාව ආදී බටහිර අප්‍රිකානු රාජ්‍යයන් ගැම්බියා දේශසීමා වෙත තම හමුදා පිටත්කර හරිමින් හමුදාමය බලය යොදා ජෙම්මෙහ් බලයෙන් පහ කිරීමට පසුගිය දින කිහිපය තුළ සූදානම් වුණා.

අවසානයේදී බලය අත්හැරීමට තීරණය කරමින් පරාජය ලද ජනාධිපති ගිනියාව වෙත පැන ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

_93734581_gettyimages-632319202 _93734583_gettyimages-632318040 69528efd7721f1622d212195cebc29f257bf1894bf71f8481d1550283e55c06b_3875328 41284565841ce7a76c857a5889d7bac2302afa76fd93107fb88f727b78424024_3875334 a7a703ad66d6c1156b5010369c62850876830608215b092549f6c4b02f44f3a7_3875329