Friday, April 26, 2024

General line - 0115112241

කිඹුල් අපලයක්




පොළොන්නරුව කදුරුවෙල බටතුන දිවුලාන ඇලේ ජීවත් වූ කිඹුලන් මිය යාමට පටන් ගෙන ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

මේ අනුව දැවැන්ත කිඹුලන් දෙදෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

මීට මාස කීපයකට ඉහතදීද මෙම ඇලේ කිඹුලන් දෙදෙනෙකු මිය ගිය බවත් මෙය කිඹුල් මස් දඩයම් කරුවන්ගේ ජාවාරමක්ද යන්න සැක සහිත බවත් ප්‍රදේශවාසීන් පැවසුවා.

මේ සම්බන්දයෙන් වන ජීවී දෙපාර්තුමේන්තුවේ කඩිනම් අවදානය යොමු කරන ලෙසයි දිවුලාන බටතුන ගම්මුන් ඉල්ලා සිටින්නේ.

news pic polonnaruwa (1) news pic polonnaruwa (2) news pic polonnaruwa (3) news pic polonnaruwa (4) news pic polonnaruwa (5) news pic polonnaruwa (6) news pic polonnaruwa (7)