Friday, March 29, 2024

General line - 0115112241

මහින්ද සමග මහඇමතිවරුන්ගේ සාකච්ඡාව ‘වාද විවාද – තර්ක විතර්කවලින්’ උණුසුම් වෙයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් අතර අද (22) පෙරවරුවේ පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදීයි.

ඊට මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින් ප‍්‍රසන්න රණතුංග, මහින්ද යාපා යන මන්ත‍්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.

ඉදිරි පළාත්පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. ප‍්‍රධාන අමාත්‍යවරුන් මෙහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව කටයුතු කරන ලෙසයි.

එහෙත් ඊට හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් එකඟතාවක් ලැබී නැහැ. සාකච්ඡාවෙන් පසු ප‍්‍රසන්න රණතුංග සහ බන්දුල ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූවා.

එහිදී ප්‍රසන්න රණතුංග සඳහන් කළේ “ඔවුන් පිළිගත්තා මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සියයට අනූවකට වැඩි පිරිසක් ඉන්නෙ මහින්ද රාජපක්ෂ මහතා සමග බව. ඒ නිසා එකතු වෙන්න ඕනේ කියන තැන ඉඳලා තමයි ඔවුන් සාකච්ඡා කළේ. එහෙත් අපි පැහැදිළිව කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග බැඳී ඉන්නකම් මේ ඒකරාශීවීමට එකඟ වෙන්න බැහැයි කියලා.” යනුවෙනි.

මේ සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක් වූ බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය සඳහන් කළේ “සාකච්ඡා කළා.. ඉතාම සතුටුයි. වාද විවාද වුණා. කණ්ඩායම් දෙක ඇතුලේ යම් යම් දේශපාලන මත ගැටුම් නිර්මාණය වෙලා තිබුණා. අපි හොඳ ආරම්භයක් ගත්තා. ඒ පැත්තෙන් ධනාත්මක පිළිතුරක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා තරග කළොත් එක්සත් ජාතික පක්ෂයට සුම්මා තමයි.” යනුවෙනි.

15673259_1637265002967312_1129212229_n 16176705_1637264906300655_1051717605_n 16215453_1637265032967309_1867925193_n 16215660_1637264812967331_1996729209_n 16215871_1637264866300659_686315017_n 16216395_1637264969633982_1377488362_n 16237236_1637264946300651_1425441545_n 16237353_1637264986300647_1325837694_n