Saturday, April 20, 2024

General line - 0115112241

ප‍්‍රංශ ප‍්‍රහාරය ගැන ජනපතිගෙන් නිවේදනයක්




ප‍්‍රංශයේ නීස් නගරයට එල්ල වූ ප‍්‍රහාරය තරයේ හෙළා දකින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ප‍්‍රංශ ජනාධිපතිවරයා වෙත ලිපියක් නිකුත් කරමිනුයි ජනාධිපතිවරයා මේ බව පැවසුවේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ ශ‍්‍රී ලංකා රජය සහ ජනතාව සමග තමා ද ප‍්‍රංශ ජනතාව වෙත ශෝකය පළ කරන බවයි.

සාමයට හා ආරක්ෂාවට එල්ල වන තර්ජන වළක්වා ගැනීම සඳහා ජාත්‍යන්තරයේ සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

එම නිවේදනය පහතින් දැක්වේ

France_Final