Friday, April 19, 2024

General line - 0115112241

ජලාශවලින් ගොවීන්ට ජලය නිකුත් කිරිම නතර කරයි




කෘෂිකාර්මික කටයුතු සදහා ජලාශවලින් ජලය නිකුත් කිරීම නතර කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්‍ෂ ජනරාල් සමන් වීරසිංහ පවසන්නේ ඇතැම් ප‍්‍රදේශවලට වර්ෂාව ලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

“අපි බලාපොරොත්තුවෙමින් හිටියේ කවදා වැස්ස ලැබෙයිද කියලා. ඒ අනුව අද වෙනකොට අපිට යම්කිසි විදිහට සමහර ප්‍රදේශවල මි.මී 40 , 30 , 15 වගේ හැමතැනකටම වගේ වැස්ස ලැබිලා තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම විශාල අස්වැසිල්ලක් ජලය වෙනුවෙන් , නියඟය වෙනුවෙන් බලාපොරොත්තුවෙන් හිටි ගොවි ජනතාව වගේම සියළුම ජනතාවට. ඒ අනුව සමහර ප්‍රදේශවලට අපි වී වගා කරපු ප්‍රදේශවලට , ඒ කුඹුරුවලට තරමක් දුරට හරි සැනසිලිදායක ලෙස වැස්සක් ලැබිලා තියෙන නිසා ජලාශවල ජලය නිකුත් කිරීම අපි මේ වෙනකොට නතරකළා. ආයෙත් ජලය අවශය වුණ වෙලාවට අපි නිකුත් කරනවා. මේ ක්‍රමවේදය භාවිතා කරන්නේ අපිට පුළුවන් තරම් මේ ජලය අරපරිස්සම් කිරීමට අතවශය නිසා”.

පවතින වර්ෂාපතනය කෘෂිකාර්මික කටයුතු සඳහා ප‍්‍රමාණවත් නොවන බවයි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මේ අතර නියඟයෙන් පීඩාවට පත් වූ සහ වගා හානි වූ ගොවි ජනතාව වෙනුවෙන් සහන සැලසීමට නෙත් එෆ්.එම්. රේඩියෝවේ දිරිය නෙත් වැඩසටහන මේ වනවිටත් කටයුතු ආරම්භ කර තිබෙනවා.

එහි අරමුණ වන්නේ වගා හානි වීමෙන් ආර්ථික වශයෙන් දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ගොවි ජනතාවට ශක්තියක් ලබාදීමයි.

ගොවි ජනතාව වෙනුවෙන් ක‍්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් සදහා දායක වීමට ඔබට ද දැන් අවස්ථාව උදාකර දී තිබෙනවා.

ඔබේ මූල්‍යාධාර සම්පත් බැංකුවේ බොරැල්ල ශාඛාවේ දිරිය නෙත් ගිණුමට බැර කළ යුතුයි. ගිණුම් අංකය 000 460 002 117.