Thursday, March 28, 2024

General line - 0115112241

නිදහස් අධ්‍යාපනය තවත් ශක්තිමත් කෙරේ




නිදහස් අධ්‍යාපනය තව තවත් ශක්තිමත් කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ විශාඛා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට අද (23) සහභාගි වෙමින්.

ඇතැම් මව්පියන් දරුවන් සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් අවධානයකින් කටයුතු නොකරන බවද ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියා.

එම අඩුපාඩුවද මගහැරවෙන පරිදි ගුරුවරුන් සිය යුතුකම් ඉටුකළ යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

කොළඹ විශාඛා විද්‍යාලයේ සියවස් සැමරුම වෙනුවෙන් සමරු කාසියක්ද නිකුත් කර තිබෙනවා. මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් එය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.