Friday, April 19, 2024

General line - 0115112241

ජවිපෙ රටපුරා උද්ඝෝෂණ මෙහෙයවන්න සැරසෙයි




රටේ වටිනා සම්පත් අයථා ලෙස වෙනත් රටවලට හෝ පෞද්ගලික අංශයට පවරාදීමට එරෙහිව ජනතාව තව තවත් ශක්තිමත්ව නැගි සිටිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක කියාසිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ද එලෙස විකුණා දැමීමට මේ වනවිට සැලසුම් සකස් වෙමින් ඇති බවයි.

ති‍්‍රකුණාමලය වරාය ඉන්දියාවට පවරා දෙන බවද දැනටමත් ප‍්‍රකාශ වී තිබෙන බවයි මෙහිදී සඳහන් කෙරුණේ.

කුමන විරෝධතා පැවතියද හම්බන්තොට වරාය චීනයට පවරාදීමටද ආණ්ඩුව සැලසුම් සකස් කර අවසන් බව අනුර කුමාර දිසානායක මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නා.

ආණ්ඩුවේ මෙම හැසිරීමට එරෙහිව ලබන මස පළමු වැනිදා සිට ජනතා විමුක්ති පෙරමුණ රටපුරා උද්ඝෝෂණ මෙහෙය වන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.