Wednesday, April 24, 2024

General line - 0115112241

ක්‍රෝටන් කොළ සහ කොස් කොළ ආහාර 03 වැනිදා පිළිගන්වයි




ක්‍රෝටන් කොළ සහ කොස් කොළ යොදා සකස් කළ ආහාර ලබන තුන් වැනිදා කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට උත්සවශී‍්‍රයෙන් පිළිගන්වන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ඒවායෙහි රස බලා ගුණ අගුණ රටට හෙළි කිරීමට ඔහුට හැකිවන බවයි එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කියාසිටියේ.

ක්‍රෝටන් කොළ සහ කොස් කොළ වෙනුවට නියං අවස්ථාවකදි ආහාරයට ගතහැකි වෙනත් ඕනෑ තරම් දේ තිබෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

රටවටා තිබෙන මුහුදෙන් පහසුවෙන් ලබාගත හැකි මාළු සහ මුහුදු ශාක ඒ අතර වන බවයි අසේල සම්පත් වැඩිදුරටත් කියාසිටියේ.