Friday, March 29, 2024

General line - 0115112241

ෆොන්සේකාගේ දෙකෙන් එකක් අහිමි කරන්නලු




සරත් ෆොන්සේකාට අමාත්‍ය ධුරයද සමග පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය හෝ ෆීල්ඞ් මාර්ෂල් නිළය අහිමි කළයුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ සමාජවාදී ජනතා පෙරමුණ කොළඹ අද (23) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

එහිදී වැඩි දුරටත් ඔහු සඳහන් කළේ “පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිවරයෙක් අනික් අතට හමුදාවේ ක්‍රියාන්විත සේවයේ ඉන්නවා. මේක භයානක බරපතල තත්ත්වයක්. මේ නිසා තීන්දුවක් ගත යුතුයි.” යනුවෙනි.