Saturday, April 20, 2024

General line - 0115112241

වැස්ස ලැබුණත් ගොවියන් පීඩාවන් – දිරිය දෙන්න නෙත් සමග එක්වන්න




නියඟය හේතුවෙන් කුඩා තේ වතු හිමියන්ද පීඩාවට පත්ව සිටිනවා.

තේ වගාබිම් රැසක්ම මේ වනවිට විනාශ වෙමින් තිබෙන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

කුඩා තේ වතු හිමියන් පෙන්වා දෙන්නේ මේ වන විට වර්ෂාව ඇති වෙමින් තිබුණත් පසුගිය මාස කිහිපය තුළ පැවැති අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් තේ වගාවන් විනාශ වී ඇති බවයි. මෙම ප්‍රදේශවල ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේද තේ වගාව ආශ්‍රිත රැකියාවන්.

නියගයෙන් පීඩාවට පත් ගොවීන්ට සහන සැලසීමේ ව්‍යාපෘතියක් නෙත් එෆ් එම් රේඩියෝව දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ සැලසුම් කර තිබෙනවා.

සම්පත් බැංකුවේ බොරැල්ල ශාඛාවේ දිරිය නෙත් ගිණුමට මුදල් තැන්පත් කිරීමෙන් ඔබටද ඊට දායක විය හැකියි. එහි ගිණුම් අංකය වන්නේ 000 460 002 117.

මේ අතර නියඟයෙන් පීඩාවට පත් කහටගස්දිගිලිය, මීමින්නාවල වැසියන් වෙනුවෙන් පානීය ජල ව්‍යාපෘතියක් දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ හෙට (24) විවෘත කෙරෙනවා. මෙමගින් එම වැසියන්ට පිරිසිදු පානීය ජලය ලබාදෙනු ඇති.