Wednesday, April 24, 2024

General line - 0115112241

ගම්මන්පිලගෙන් මඤ්ඤොක්කා පාඩමක්




නියඟය නිසා රට වැසියන්ට අසීමිතව පීඩා විදීමට සිදුව ඇත්තේ ආණ්ඩුවේ අකාර්යක්‍ෂම කළමණාකරණය නිසා බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ පිටකෝට්ටේ පිහිටි සිය පක්‍ෂ කාර්යාලයේ අද (23) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

ආහාර හිඟයට මුහුණදීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කරන යෝජනාද මෙහිදී විවේචනයට ලක් වුණා.

එහිදී ඔහු පැවසුවේ “ආණ්ඩුව නියඟයට සූදානම් වුණේ නැහැ. නියඟය වෙනුවෙන් ආණ්ඩුව උපදෙස් දීලා තියෙනවා වහාම මඤ්ඤොක්කා වගා කරන්න කියලා. හිටපු කෘෂිකර්ම ඇමතිවරයෙක් ලෙස මම දන්නවා.. මඤ්ඤොක්කා දණ්ඩෙ මුල් අදින්න පොළොවෙ යම් තෙතමනයක් තියෙන්න ඕනේ. කොහොම හරි මුල් ඇද්දයි කියමුකෝ..හැබැයි අල බහින්න මාස හයක් අටක් යනවා. එතකොට අල බැහැලා එනකොට නියඟයයි සාගතයයි දෙකම අවසන්.” යනුවෙනි.