Friday, March 29, 2024

General line - 0115112241

ස්ටෙන්ට් හිඟ නැහැලු




හෘද සැත්කම් සඳහා භාවිත කෙරෙන ස්ටෙන්ට් උපකරණවල හිඟයක් මේ වනවිට නැතැයි විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පවසනවා.

එම උපකරණ භාවිත කරමින් අද (23) දිනයේද කොළඹ ජාතික රෝහලේදී හෘද සැත්කම් සිදුකළ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

අදාළ සියලු ස්ටෙන්ට් උපකරණ රජය නොමිලේ ලබාදෙන ඒවා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.