Tuesday, April 23, 2024

General line - 0115112241

ආණ්ඩුවට බනින හේතුව හරීන් කියයි




ජනතාව එකවර විශාල වෙනසක් බලාපොරොත්තු වන බවත් එසේ වෙනස්කම් කිරීමෙන් රටවල් දියුණු කළ නොහැකි බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පෙන්වා දෙනවා.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “වේගයෙන් දුවන්න ඕනේ නම් පිට්ටනිය හදලා ඉන්න ඕනේ. හිත සතුටු කරන්න ජොබ් කට්ටක් දෙන එක නෙමෙයි දේශපාලනය කියන්නේ. ඊට වඩා වෙනස්.. පුද්ගලයාගේ ජීවිතය ගොඩ නගන්න පුළුවන් දේශපාලනයක් කරන්න ඕනේ. හැබැයි මිනිස්සු කැමති දේශපාලන ප්‍රෝඩාවට. ඒ දේශපාලන ප්‍රෝඩාව නැති නිසා තමයි වත්මන් ආණ්ඩුවට මිනිස්සු බනින්නෙ.” යනුවෙනි.