Friday, March 29, 2024

General line - 0115112241

එක්දින ගැටුමේදී ශ‍්‍රී ලංකා පිලේ සුක්කානම උපුල් තරංගට ලැබෙන ලකුණු




දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උපුල් තරංගට ලැබෙනු ඇතැයි වාර්තා වනවා.

කෙසේ වෙතත් හෙට (25) පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස නම්කර ඇත්තේ දිනේෂ් චන්දිමාල්.

නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම මීට හේතු වී තිබෙනවා. එක්දින ක‍්‍රිකට් තරගාවලිය සඳහා ලහිරු මධුසංඛ සහ සඳුන් වීරක්කොඩි යන නවක ක‍්‍රීඩකයින් ද ශ‍්‍රී ලංකා කණ්ඩායමට කැඳවනු ඇතැයි අපේක්ෂිතයි.

මේ අතර ආබාධයකට ලක්ව සිටින දකුණු අප‍්‍රිකාවේ ඒ.බී. ඩිවිලියස් සහ ක‍්‍රිස් මොරිස් යන ක‍්‍රීඩකයින් මේ වන විට සුවය ලබමින් සිටිනවා. ඒ අනුව එක්දින ක‍්‍රිකට් තරගාවලිය සඳහා ඔවුන් දෙදෙනාම එක්වනු ඇති බවයි වාර්තා වන්නේ.