Saturday, April 20, 2024

General line - 0115112241

ප‍්‍රංශ ප‍්‍රහාරයෙන් අතුරුදන්වූවන් සෙවීමට ෆේස්බුක් ගිණුමක්




ප‍්‍රංශයේ නීස් නගරයට එල්ල වූ ප‍්‍රහාරයෙන් පසු අතුරුදන්වූවන් සෙවීම සඳහා ඔවුන්ගේ පවුලේ ඥාතීන් සමාජ ජාලා වෙබ් අඩවිවල පිහිට අපේක්ෂා කරනවා. ඒ වෙනුවෙන් විශේෂ ෆේස් බුක් පිටුවක් ද මේ වන විටත් නිර්මාණය කර අවසන්.

මේ අතර ප‍්‍රහාරයට පැමිණි ලොරි රථය පදවාගෙන ආ පුද්ගලයාගේ අනන්‍යතාවය ද තහවුරු කරගෙන තිබෙනවා.

මොහොමඩ් බූලෙල් නම් වූ ඔහු දීර්ඝ කලක් ප‍්‍රංශයේ ජීවත් වූ අයෙක්. ආරක්ෂක අංශ එල්ල කළ ප‍්‍රහාරයෙන් ඔහු ජීවිතක්ෂයට පත්වුණා.

සැමරුම් උත්සවයකට රැස්ව සිටි පිරිසක් වෙත කඩාවැදුණු පුපුරණද්‍රව්‍ය පුරවා ගත් මෙම ලොරි රථය කිලෝමීටර් 2ක් පමණ දුරක් ජනතාව යටකරමින් ධාවනය වී තිබුණා.

එහිදී ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 84ක්. ඉන් බහුතරය ළමුන් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.