Friday, April 19, 2024

General line - 0115112241

ඩොලරය ඉහළ ගිය හේතුව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් පහදයි




ශ‍්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල නැවත නැවතත් ඉහළ යාමට හේතුව ශ‍්‍රී ලංකාවේ විදේශ ඉපැයීම් අඩුවීම බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජනත් කුමාරසිංහ පවසනවා.

මෙම ප‍්‍රවණතාව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට අහිතකර බලපෑම් ඇති කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ නිසා විදේශ ඉපැයීම් වැඩිකර ගැනීමට ශ‍්‍රී ලංකාව කඩිනමින් පියවර ගත යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා.

ශ‍්‍රී ලංකා මහබැංකුව ඊයේ (23) පස්වරුවේ නිකුත් කළ වාර්තාවට අනුව අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල සඳහන් වූයේ රුපියල් 152.14ක් ලෙසයි.

බි‍්‍රතාන්‍ය පවුමක විකුණුම් මිල රුපියල් 189.70ක් ද, යූරෝ එකක විකුණුම් මිල රුපියල් 164.43ක් ද වුණා. ජපන් යෙන් එකක විකුණුම් මිල රුපියල් 1.34ක්.