Saturday, April 20, 2024

General line - 0115112241

රිමාන්ඩ් කළ විමල් පාර්ලිමේන්තුවට




ලබන මස 7 වෙනිදා දක්වා අද (24) පෙරවරුවේ යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ අධිකරණයේ සිට පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

ශ‍්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් වාර්තාව පිළිබඳ විවාදයට එක්වෙමින් ඔහු අදහස් ද පළ කළ බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පවසන්නේ.

රජයේ වාහන අව භාවිතා කිරීමක් සම්බන්ධයෙන් තමන් රක්ෂිත බන්ධනාගාරගතව සිටිය ද කෝටි ගණනක් වන බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චූදිතයින් තවමත් නිදහසේ සිටින බව මන්ත‍්‍රීවරයා එහිදී කියා සිටියා.

රක්ෂිත බන්ධනාගාරගත කර ආණ්ඩුවට එරෙහිව තමන් නගන හඬ යටපත් කිරීමට යමෙකු උත්සහ කරන්නේ නම් එය සාර්ථක නොවන බවයි මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.