Friday, March 29, 2024

General line - 0115112241

නියඟයට මුහුණදීම සඳහා දිගුකාලීන සැලසුම් අවශ්‍යයි



නියඟය නමැති කාලගුණික අභියෝගයට මුහුණදීම සඳහා දිගුකාලීන සැලසුම් අවශ්‍ය බව විද්වතුන් පෙන්වා දෙනවා.

නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී ඊයේ (23) රාත‍්‍රී සාකච්ඡා කෙරුණේ ද ඒ පිළිබඳවයි.

ඒ පිළිබඳ අදහස් දැක්වූ පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් පැවසුවේ යෝජිත මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් හේතුවෙන් ද වනගහණය තර්ජනයට ලක්වන බවයි.

මේ අතර මෙම සංවාදයට එක්වූ ඉතිහාසය පිළිබඳ ප‍්‍රවීණතාවක් දක්වන ලේඛකයෙකු හා දේශකයෙකු වන කුලියාපිටියේ ශ‍්‍රී ප‍්‍රනාන්ද කියා සිටියේ රට පුරා පිහිටි වැව් සංවර්ධනය කිරීමට ද ආණ්ඩුව ප‍්‍රමාණවත් උනන්දුවක් නොදක්වන බවයි.

වැව් කෞතුකාගාරයක් ඉදිකිරීමට ඉදිරිපත් වී ඇති යෝජනාව ද ඔහුගේ විවේචනයට ලක්වුණා.

අන්ලිමිටඩ් සම්පූර්ණ සංවාදය පහතින් ඇසිය හැකියි.