Wednesday, April 24, 2024

General line - 0115112241

ලංකාවට පැමිණි බව කී IS යුවල කෝ?




අයි.එස්. සංවිධානය සමග එක්වීමට ගිය යුවළක් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බවට මෙතෙක් තොරතුරු නැතැයි ආරක්ෂක අංශ පවසනවා.

‘නිව් ඉන්දියන් එක්ස්ප‍්‍රස්’ වෙබ් අඩවිය ඊයේ (15) වාර්තා කර තිබුණේ ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ සිට මෙරටට පැමිණි යුවළක් පසුව අයි.එස්. සංවිධානය සමග එක්වී ඇති බවයි.

මෙම යුවළ ශ‍්‍රී ලංකාවට පැමිණ මාස 2ක පමණ කාලයක් සලාෆි නම් වූ ඉස්ලාමීය ඉගැන්වීම්වලට සහභාගි වී ඇති බවත්, පසුව ඔවුන් ගැන කිසිදු තොරතුරක් නොමැති බවත් එහි සඳහන් වුණා.

මෙම යුවළ අයි.එස්. ත‍්‍රස්ත සංවිධානය සමග එක්වන්නට ඇති බවටයි ‘නිව් ඉන්දියන් එක්ස්ප‍්‍රස්’ වෙබ් අඩවිය විශ්වාස පළ කර තිබුණේ.

මෙම වාර්තාව සම්බන්ධයෙන් නෙත් නිවුස් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර මහතාගෙන් විමසීමක් කළා.

ඔහු පැවසුවේ මෙම ප‍්‍රවෘත්තිය තහවුරු කළ හැකි කිසිදු තොරතුරක් නොමැති බවයි.

ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිරන්තරයෙන් අයි.එස්. ත‍්‍රස්ත සංවිධානයේ කි‍්‍රයාකාරකම් පිළිබඳව දැඩි අවධානයකින් පසුවන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ