Friday, April 19, 2024

General line - 0115112241

ලංකාව බරවා තුරන් කළ රටක්




ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව බරවා රෝගය තුරන් කළ රටක්‌ වශයෙන් මෙම මස 21 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා.

මෙම ප්‍රකාශයත් සමඟම අග්නිදිග ආසියාතික කලාපයේ බරවා රෝගය තුරන් කළ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත් වනු ඇති.

බරවා රෝගය වසර 2020 වන විට සිය සාමාජික රටවලින් තුරන් කිරීම ඉලක්‌ක කරගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ යටතේ බරවා ක්‍ෂුද්‍ර පණු ප්‍රතිශතය සියයට එකකට වඩා අඩු අගයක්‌ පවත්වාගෙන යෑම නිසා ශ්‍රී ලංකාව බරවා රෝගය තුරන් කළ රටක්‌ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට තීරණය වී ඇතැයි වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළා.

මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසියානු කලාපීය අධ්‍යක්‍ෂවරිය විසින් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වෙත බරවා රෝගය තුරන් කිරීමේ සහතිකය මෙම 21 වැනිදා පිරිනැමීමට නියමිතයි.