Wednesday, April 24, 2024

General line - 0115112241

අ.පො.ස. උසස් පෙළ අයදුම්කරුවන්ට නිවේදනයක්




අ.පො.ස. උසස් පෙළ 2017 විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත් ජනවාරි 23 වැනිදින සිට පෙබරවාරි 15 වැනි දින දක්වා භාර ගනු ලබන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

පාසල් අයදුම්කරුවන් සඳහා වන අයදුම්පත් සහ උපදෙස් විදුහල්පතිවරුන් වෙත තැපැල් කොට යවා ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන් සඳහා වන ආදර්ශ අයදුම්පත සහ උපදෙස් 2017 ජනවාරි 23 වැනි දින ජාතික පුවත්පත්වල ද පළ කරනු ලැබ ඇති අතර http://www.doenets.lk යන වෙබ් අඩවියෙන්ද ලබා ගත හැකියි.

ඒ අනුව පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරුන් විසින් ද පෞද්ගලික අයදුම්පත් අදාළ අයදුම්කරුවන් විසින් ද 2017 පෙබරවාරි 15 වැනි දින හෝ ඊට පෙර විභාග දෙපාර්තමේන්තුව වෙත ලැබෙන සේ යොමු කිරීමට කටයුතු කළ යුතු වනවා.