Friday, April 19, 2024

General line - 0115112241

විමල් වෙනුවෙන් කෑ ගැසු පුද්ගලයාත් රිමාන්ඩ්




අධිකරණ කටයුතුවලට බාධා වන අයුරින් කි‍්‍රයාකළ පුද්ගලයෙකු පෙබරවාරි මස 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න අද (24) නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ ආධාරකරුවෙකු බව කියන සුදේශ් පේ‍්‍රමලාල් නමැත්තෙක්.

රජයේ වාහන අව භාවිත කිරීමේ චෝදනාවට අදාළව පාර්ලිමේන්තු මන්ති‍්‍ර විමල් වීරවංශ අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළ අවස්ථාවේදී එම පුද්ගලයා මහේස්ත‍්‍රාත්වරිය දෙසට අත දිගු කරමින් උස් හඬින් කෑ ගසා තිබෙනවා.

විමල් වීරවංශ මන්තී‍්‍රවරයාට එරෙහි චෝදනාවට අදාළව  ඔහුගේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාද අත්අඩංගුවට ගත යුතු බව පවසමින් අදාළ පුද්ගලයා කෑ ගැසූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

16143168_1140984776019341_4526075662399719299_n 16174854_1140984399352712_7430678531419271918_n 16195101_1140984186019400_2362574003133352526_n 16265224_1140984189352733_8101338504853645578_n 16265386_1140984202686065_2331025149401955160_n 16265584_1140988589352293_4204558466298491441_n 16266034_1140984476019371_3651351630702955229_n 16298576_1140988556018963_6199440282725121694_n 16298787_1140984469352705_7869473461107265503_n