Friday, April 19, 2024

General line - 0115112241

දමිළ මාධ්‍ය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණය අතිසාර්ථකව (UPDATE)




නෙත් එෆ් එම් රේඩියෝව සහ සම්පත් බැංකුව එක්ව සංවිධාන කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ දෙමළ මාධ්‍ය සම්මන්ත‍්‍රණය හැටන්, පි‍්‍රන්ස් ශාලාවේදී අද (16) අතිසාර්ථකව පැවැත්වුණා.

ඒ සඳහා හැටන් සහ අවට ප‍්‍රදේශවල සිසු දරුවන් විශාල පිරිසක් එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහන යටතේ මෙහෙයවනු ලබන සප්ත ආසන කාව්‍යමය ධර්ම දේශණයක් කෑගල්ල, අටාල, උඩුගම ශී‍්‍ර විසුද්ධාරාම විහාරස්ථානයේදී තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා.

…………………………………………………………

දමිළ මාධ්‍ය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණය හැටන් පි‍්‍රන්ස් ශාලාවේ

Jul 16, 2016 @ 11:55

නෙත් එෆ් එම් රේඩියෝව සහ සම්පත් බැංකුව එක්ව සංවිධාන කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ දමිළ මාධ්‍ය සම්මන්ත‍්‍රණය අද (16) පැවැත්වෙනවා.

ඒ, හැටන් නගරයේ පි‍්‍රන්ස් ශාලාවේදීයි.

එහි සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත විමුක්ති කැලූම් සඳහන් කළේ දරුදැරියන් රැසක් ඊට එක්ව සිටින බවයි.