Saturday, April 20, 2024

General line - 0115112241

ඩිල්ෂාන්ව පාකිස්තානයෙන් රැගෙන යයි




පාකිස්තාන් සුපර් ලීග් කි‍්‍රකට් තරගාවලියට සහභාගිවීම සඳහා තිලකරත්න ඩිල්ෂාන් සහ තිසර පෙරේරා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

මෙම තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි මස 9 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි.

මෙහිදී තිලකරත්න ඩිල්ෂාන් පේෂාවර් සල්මි කණ්ඩායම නියෝජනය කරන අතර තිසර පෙරේරා ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරනවා.

පාකිස්තාන් සුපර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගය මාර්තු මස 9 වැනිදා ලාහෝර් නුවර ගඩාෆි කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.