Friday, April 26, 2024

General line - 0115112241

කොස් කොළ ගෙනා මන්ත්‍රින්ට තණකොළ දෙයි (PHOTOS)




කොස් කොළ , ක්‍රෝටන් කොළ සහ තණකොළ හේතුවෙන් අද (24) දකුණු පළාත් සභාවේද උණුසුම් තත්වයක් ඇති වුණා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්තී‍්‍රවරුන් සභාවට කොස් කොළ සහ ක්‍රෝටන් කොළ ගෙන ආ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍ර චන්න සාලිය මෙන්ඩිස් කොස්කොළ මාලයක් පැළඳ සභා ගැබට පැමිණ සිටියා.

දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකොරළ විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ නියඟයක් එ්මට පෙර ඊට සූදානම් වනවා වෙනුවට රජය ජනතාවට ක්‍රෝටන් කොළ හා කොස් කොළ කෑමට උපදෙස් දෙන බවයි.

ඊට එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් ප‍්‍රතිචාර දැක්වීමත් සමග සභාවේ උණුසුම් තත්වයක් හටගත් බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

සන්ධාන මන්තී‍්‍රවරුන්ට ප‍්‍රතිචාර දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර අශෝක ධනවංශ සභා ගැබට තණකොළ මිටියක් රැගෙන විත්, ප‍්‍රකාශ කළේ කොස්කොළ ගෙන ආ පුද්ගලයන්ට ලබාදීමට තමන් එම තණකොළ මිටිය රැගෙන ආ බවයි.

මේ හේතුවෙන් පැය භාගයකට ආසන්න කාලයක් සභාවේ කටයුතුවලට බාධා එල්ල වූ බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

ක්-රෝටන් කොළ මේස මත ක්-රෝටන් කොළ කොස් කොළ තණකොළ