Friday, April 26, 2024

General line - 0115112241

දැඩි සුළඟකින් නිවාස 48 කට හානි




හල්දුම්මුල්ල ප‍්‍රදේශයට බලපෑ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 48 කට හානි සිදුව තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ නිවාස 16 කට අර්ධ හානි සිදුව ඇති අතර තවත් නිවාස 32කට සුළු හානි සිදුව ඇති බවයි.

මෙලෙස හානි සිදුව ඇත්තේ තිරවණාගම, මොරකැටිය, නිකපොත, විහාරගල, බෙරගල, කිතුල්ගහඅරාව, රණසිංහගම යන ග‍්‍රාම නිලධාරී වසම්වල නිවාස 48 කටයි.

මේ හේතුවෙන් පුද්ගලයින් එකසිය හැත්තෑ දෙදෙනෙකු පීඩාවට පත්ව ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.