Friday, April 19, 2024

General line - 0115112241

“ඇරයුම් කළේ නිවටකමට නෙමෙයි”




තම පක්ෂය හා එක්වන්නැයි කෙරෙන ඇරයුම් නිවට කමක් ලෙස නොසිතන්නැයි එ්කාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටින බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ පවසනවා.

එහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර ශාන්ත බණ්ඩාර අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

දැවැන්ත බලයක් තිබියදීත් පරාජයට පත් වූයේ නම් ඒ තරම් ආඩම්බරකාර ප්‍රකාශ සිදු කරන්නට එපා යැයි ද එහිදී සඳහන් කෙරුණා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණවලදී සිවුවන තැනට ඇද දමන බවට එ්කාබද්ධ විපක්ෂයේ නායකයන් කළ ප‍්‍රකාශවලටද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපතිවරයා මෙහිදී ප‍්‍රතිචාර දැක්වූවා.

එහිදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයේදී සිවුවන ස්ථානයට ඇද දමා පෙන්වන්නැයි තමා ඒකාබද්ධ විපක්ෂයට අභියෝග කරන බවයි.