Thursday, March 28, 2024

General line - 0115112241

UPDATE :තුර්කියේ 60ක් මරුට – 754ක් අත්අඩංගුවට




තුර්කියේ මතුව ඇති ගැටුම්කාරී තත්ත්වයෙන් 60දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එරට හමුදා සාමාජිකයන් 754 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

……………………………………………….

UPDATE :තුර්කියේ 40ක් මරුට

Jul 16, 2016 @ 08:30

තුර්කියේ හමුදාව රටේ බලය අල්ලා නොමැති බව තුර්කි ජනාධිපතිවරයා ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

ජනාධිපති රෙසිප් අර්ඩවාන් රහසිගත ස්ථානයක සිට සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවාව වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර තිබෙනවා.

මේ අතර තුර්කියේ මෙම සිදුවීමෙන් 40ක පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

………………………………………………..

UPDATE :තුර්කියේ ලාංකිකයන් ගැන කඩිනමින් සොයා බැලේ

Jul 16, 2016 @ 06:51

තුර්කියේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය නිසා ශ්‍රී ලාංකිකයින් පීඩාවට පත්ව සිටින්නේ ද යන්න පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අනාවරණය කර තිබෙනවා.

එරට තානාපති පී.එම් අම්සා මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් මේ වන විට සොයා බලමින් සිටින බවයි.

තුර්කියේ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තොරතුරු විමසීම සඳහා 00905340102105 දුරකථන අංකයට ඇමතිය හැකි බවයි මෙරට විදේශ අමාත්‍යංශය පවසන්නේ.

තුර්කියේ හමුදා කුමන්ත්‍රණයකින් එරට පාලන බලය මේ වනවිට හමුදාව සතුව ඇති බව එරට රූපවාහිනි නාලිකාවකින් විකාශය කර ඇති අතර එරට ජාතික බුද්ධි මූලස්ථානවලට ප්‍රහාර එල්ල කර ඇති බවක්ද පැවසෙනවා.

තුර්කි ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ ජනතාව මීට එරෙහිව උද්ඝෝෂණය කළ යුතු බවයි.

…………………………………………………………….

UPDATE: තුර්කියේ හමුදා කුමන්ත්‍රණයක්(VIDEO)

Jul 16, 2016 @ 06:18

හමුදා කුමන්ත්‍රණයකින් තුර්කියේ බලය හමුදාව යටතට පත්ව තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ එරට ඇඳිරි නීතිය මේ වන විට පනවා ඇති බවයි

එරට පාර්ලිමේන්තුවේ පිපිරීම් දෙකක් සිදුව ඇති බවද වාර්තා වනවා.

 

_90414309_mediaitem90414308

_90413920_034085702-1