Thursday, April 25, 2024

General line - 0115112241

දකුණු අපි‍්‍රකාවේදී ඉතිහාස ගතවීමට ශී‍්‍ර ලංකාවට අද අවස්ථාවක්




සංංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකාව අතර තීරණාත්මක 3 වන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය කේප්ටවුන් හිදි අද (25) පැවැත්වෙනවා. මෙම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද රාතී‍්‍ර 09.30ට ආරම්භ වීමට නියමිතයි. තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ මේ වන විට දෙපිලම තරගය බැගින් ජය ගැනීමට සමත්ව සිටිනවා. ශී‍්‍ර ලංකා කණ්ඩායම අද පැවැත්වෙන තරගය ජයගත හොත් ශී‍්‍ර ලංකාව දකුණු අපි‍්‍රකාවේදී ලබන පළමු කි‍්‍රකට් තරගාවලි ජයග‍්‍රහණය ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇති.

නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයට ලක්වීම නිසා අද තරගයේදී  ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ දිනේෂ් චන්දිමාල්. ඇන්ජලෝ මැතිව්ස්ගෙන් පුරප්පාඩු වූ ස්ථානය සඳහා උපුල් තරංග හෝ සුරංග ලක්මාල්
ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක්වනු ඇති බවයි වාර්තා වන්නේ. එ්.බී ඩි විලියර්ස්ද අද තරගය සඳහා දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට කැඳවා සිටිනවා.