Thursday, March 28, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගෙන් මෝදිට ඇරයුමක්




අමෙරිකාවේ සංචාරයකට එක්වන්නැයි නව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇරයුම් කර තිබෙනවා. දුරකතන ඔස්සේ  නායකයන් දෙපළ අතර පැවති සාකච්ඡාවකදී අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ආරාධනාව සිදුකර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ගෝලීය අභියෝග ජය ගැනීමට සැබෑ මිතුරෙකු මෙන්ම සහකරුවෙකු ලෙස ඉන්දියාව සමග එක්ව කටයුතු කිරිමට ඩොනල්ඞ් ට‍්‍රම්ප් සූදානමින් සිටින බවයි වොෂින්ටන් වාර්තා අනාවරණ කළේ. ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ අමෙරිකානු සංචාරය බොහෝදුරට මෙම වසරේ අග භාගයේදී සිදුවනු ඇති බව විදෙස් වාර්තාවල සදහන්.