Friday, March 29, 2024

General line - 0115112241

කි‍්‍රකට් පොඩ්ඩන් දකුණු අපි‍්‍රකාවේදී අවසන් තරගයකට සුදුසුකම් ලබයි…




දකුණු අපි‍්‍රකාවේ පැවැත්වෙන තුන්කොන් යොවුන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශී‍්‍ර ලංකාව ඊයේ (24) සමත් වුණා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 240 ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් හිමිකර ගනිමින්.

වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා මෙම තරගයේ එක් ඉනිමක් පන්දුවාර 45 කට සීමා වුණාග පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා යොවුන් කී‍්‍රඩකයින් නියමිත පන්දුවාර 45 අවසානයේ කඩුලූ 6 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 303 ක්. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි විශ්ව චතුරංග සහ නායක අවිශ්ක ප‍්‍රනාන්දු මෙහිදී ශතක වාර්තා කිරීම කැපී පෙනුනා.

ලකුණු 304 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ යොවුන් කී‍්‍රඩකයින්ට සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකි වුයේ ලකුණු 63 ක් පමණයි. ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම සහභාගි වන මීළග තරගය, සත්කාරක දකුණු අපි‍්‍රකානු යොවුන් කණ්ඩායම එරෙහිව හෙට පැවැත්වෙනවා.