Tuesday, April 16, 2024

General line - 0115112241

සුපිරි කොල්ල කල්ලියක් පොලිසියට කොටු




මැදගම ප්‍රදේශයේ රජයේ බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය කඩා රුපියල් ලක්ෂ 57 කට ආසන්න මුදලක් සොරගත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු පොලීසිය අද (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ළඟ තිබී රුපියල් ලක්ෂ 55 ක මුදලක් සහ මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය 20 වැනිදා රාත්‍රියේ මෙම සොරකම සිදුව තිබූ අතර, ටෙලර් යන්ත්‍ර කඩාදැමීමට භාවිත කළ ගෑස් සිලින්ඩර දෙකක් සහ ආයුධ කිහිපයක්ද පොලීසිය සොයාගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.

media on 2017